News
Sunday, June 16, 2013
ජීවිතේ....
ලිව්වේ
Unknown
8:31 AM
ජීවිතේ..... සමහරු කියනවා ගලාගෙන යන ගඟක් වගේලු,. ගල් බොරළු වංගු නිසාලු ඒ ගඟේ ලස්සන වැඩි වෙලා පේන්නේ,. ඇත්තටම ඒක එහෙමද? පිටින් බලන කෙනෙකුට ගඟේ භයානක බව, ගැඹුර ගැන වැටහීමක් ගන්න බෑ,. ඒ වගේම තමයි කෙනෙක්ගේ ජීවිතේ,. පිට ඉන්න අය මොන විදියට මොන කන්නාඩි දාගෙන බැළුවත් ඒ කෙනා විතරයි හරියටම තමන්ගේ ජීවිතේ ගැන, තමන්ට විඳින්න වෙන හැලහැප්පීම් ගැන දන්නේ,.
ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් කියලා හිතෙන්නේ අන්ත අසරණ වුන වෙලාවකට,. හැමදේම වැරදුන කෙනෙක් ජීවිතේ ආයෙමත් පටන් ගන්න හදන වෙලාවකම ආයෙමත් එයා ඉස්සරහින් තියෙන පාර ඇස් වලින් ගලන කඳුළු වලින් බොඳ වෙලා යන වෙලාවල් ඕනේ තරම්,. ජීවිතේ තවදුරටත් විඳින්න දෙයක් ඉතිරි වෙලා නෑ කියලා හිතෙන වෙලාවල් ඕනේ තරම්. තමන්ගේ හිත කඩාගෙන වැටෙද්දි, වත්තම් වෙන්න වාරු දෙන්න කවුරුවත්ම නැති වෙද්දි, හැම රෑකම ඇස් වලින් කාටත් හොරා කඳුළු ගලාගෙන යද්දි , දුක කියාගන්න ප්‍රශ්න වලට අවවාද දෙන්න කවුරුත්ම නැති වෙද්දි, වරදිනකන් බලන් ඉඳලා හිනාවෙන මිනිස්සු වැඩි වෙද්දි, පුංචි කාලේ මවපු හීන ලෝකේ යතාර්ථයක් නෙවෙයි කියලා තේරුම් යද්දි ආපහු හැරෙන්න තරමට අපි පරක්කු වැඩියි,. ඉක්මණට ලොකු වෙලා වගකීම් ගන්න ආසාවෙන් හිටපු ඒ පුංචි එකාම උහුලගන්න බැරි තරම් වගකීම් ගොඩක් අස්සේ හිර වෙද්දි ආයෙමත් ළමයෙක් වෙන්න ඇත්නම් කියලා හිතුන වාරත් නැතුවමත් නෙවෙයි නේද?.
ඒත් ... අපිට ආයෙමත් හැරෙන්න බෑ. මේ ජීවිතේ ගඟක් වගේ කියන කථාව එක අතකින් ඇත්ත වෙන්නේ ඒ නිසා,. ගඟක් උල්පතකින් පටන් අරගෙන මුහුද වෙනකන් යද්දි කොච්චර බාධක ආවත්, කොයි තරම් වේදනා දෙන ගල් පර වල හැපෙන්න වුනත් ඒ ගඟට ආයෙමත් හැරෙන්න බෑ,. ගඟේ ගමනාන්තය විය යුත්තෙ මහ මුහුද,.ඒ වගේම තමයි අපේ ජීවිතෙත්, කොච්චර බාධා ආවත් අපි යායුතු ගමන අපි යායුතුමයි,. හති වැටේවි, ඉස්සරහට යාගන්න බැරුව දඟලන අය කකුලෙන් අදීවි, සමහරවිට ආදරෙන් ඔළුව අතගාලා ටොකු අනින සමහරුත් ඉඳීවි, හිත් රිදවීම් ඕනෑ තරම් ඇති වේවි,. කඳුළු ගලාවි,. ඒත් ඒ කඳුළු පිහදාලා බලන දවසක ඔබ නුදුටුව අළුත්ම මාර්ගයක් දකීවි,.ජීවිතේ වැරදුනා කියලා හිතුනත් ඒ වැරදීම නිසාම ලොකු ජයග්‍රහණයක් ලබාගන්න ඔබට පුළුවන් වේවි,. කටකතා, මඩ ගැහීම් කොච්චර ආවත් නොසැලී ඉන්න පුළුවනි නම්,.ඔබේ ඉදිරිය පැහැදිළි එකක් වෙනවා නොඅනුමානයි...
ජීවිතේ හැම තත්පරයක්ම විඳින්න පුළුවනි නම්, ඇති වෙන හැම ගැටළුවක්ම ජීවිතයට පාඩමක් විදියට ගන්න පුළුවනි නම්, ඒ හැම දේකටම අමාරුවෙන් වුනත් හිනා වෙලා මූණ දෙන්න පුළුවන් නම්,. ලස්සනට පිවිතුරුව ගලාගෙන යන ගඟක් වගේ ගලාගෙන ගිහින් කවදාම හරි ගඟට උරුම තැන වුන මහ මුහුදට, එහෙමත් නැත්නම් අපේ ඉලක්කයට යන එක නවත්වන්න කාටවත්ම පුළුවන් කමක් නෑ,.
ඉතින් ජීවිතේ විඳින්න,. හැම තත්පරේකම සතුටින් ඉන්න, අනුන්ට උදවු කරන්න, කෙටියෙන්ම කිව්වොත් ජීවිතේ විඳින්න, එතකොට දුකයි කියලා හිතන මේ ජීවිතේ කොච්චර සුන්දරද කියලා ඔයාලාටත් තේරේවි,.
ජය හෝ...... !
Saturday, January 5, 2013
සමනල වසන්තය ♥ (නවකතාවකි) 2 කොටස
ලිව්වේ
Unknown
3:41 AM
"හරි
නංගි, මං දාන්නම් ඔයා යන්න.."
නංගි, මං දාන්නම් ඔයා යන්න.."
මං
ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.
ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.
නම
: දුෂාන් සංජුලා මොරගොඩ
: දුෂාන් සංජුලා මොරගොඩ
උපන්දිනය
: මැයි 21
: මැයි 21
හැබැයි
සුදූ, ඒ නම නං ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා මට
නිකං හිතුනා. ඒත් ඉතිං ගතිම වැඩේ කියන්නෙ අද මැයි විස්ස උන එක. ඒ කියන්නෙ හෙට
ඔයාගෙ උපන්දිනේ නේ. අදට වඩා හෙට හොදයි කියනවනේ. අපි බලමුකෝ. ඒත් කවුද අප්පා අපි
කොමර්ස් කරද්දි මේ රාණි මුකර්ජිව කලා අංශෙට දාලා හිත හදාගන්නෙ කොහොමද..? මං අර ප්‍රින්ටින් මිස්ටේක් එකක් උනා වගේ හෙමීට
ඒක වාණිජ අංශය කියන ෆයිල් එකට දාලා වටපිට බැලුවා. අවුලක් නෑ කෙල්ල මාව විශ්වාස
කරලා එතනින් ගිහින්. මගේ සීන් කෝන් එක දැක්කෙ ෂෝටා විතරයි.

"මාර
පාර නේද බං..? "
පාර නේද බං..? "
ඌ ඒ
ඇහුවෙ කෙල්ල ගැන.
ඇහුවෙ කෙල්ල ගැන.
"ඔව්
බං, තාර පාර වගේ.. කිසි ඇදක් නෑ."
බං, තාර පාර වගේ.. කිසි ඇදක් නෑ."
"දැන්
එතකොට ඒකි හෙට ඉදලා කොමර්ස් ක්ලාස් එකේ.. "
එතකොට ඒකි හෙට ඉදලා කොමර්ස් ක්ලාස් එකේ.. "
"ඇයිත්
අහලා. පස්සෙ ඒකි මිස්ලාට කියලා ඕක හදාගනී. ඒත් ටික දවසක්වත් අපේ එකේ
ඉදියිනේ.."
අහලා. පස්සෙ ඒකි මිස්ලාට කියලා ඕක හදාගනී. ඒත් ටික දවසක්වත් අපේ එකේ
ඉදියිනේ.."
"ටික
දවසක් ඉදලා ඒකි දිගටම කොමර්ස් කරන්න ඕනෙ කිව්වොත් මරේ මරු."
දවසක් ඉදලා ඒකි දිගටම කොමර්ස් කරන්න ඕනෙ කිව්වොත් මරේ මරු."
මූත්
ඉදගෙන දවල් හීන දකිනවා. කොහොම හරි ඒ හීනෙ හැබෑ වෙනවානම් මාර ගති. කොහොමටත් සියළු
සයන්ස් කාරයෝ නැසෙන සුළුය. නොපමාව කොමර්ස් කරන්න කියලා කතාවකුත් තියෙනවනේ.
ඉදගෙන දවල් හීන දකිනවා. කොහොම හරි ඒ හීනෙ හැබෑ වෙනවානම් මාර ගති. කොහොමටත් සියළු
සයන්ස් කාරයෝ නැසෙන සුළුය. නොපමාව කොමර්ස් කරන්න කියලා කතාවකුත් තියෙනවනේ.
අපි
උදේ පීරියඩ් දෙකම වගේ හිටියෙ හෝල් එක ඇතුලෙ. එළියට ඇවිත් බලද්දි ගොඩක් අම්මලා
තාත්තලා ගිහින්. ඒත් ඉතිං සමහර අය හරියට මොන්ටිසෝරියට ළමයි දාලා යන්න දුකෙන්
ඉන්නවා වගේ තාම ගේට්ටුව ළග. යකෝ මෙහෙම පුරුදු කරගත්තොත් එහෙම මුං බැදලා යන දවසටත්
අම්මලා තාත්තලා පස්සෙන් යයි.

දවල්
වෙනකල්ම චාටර් කාපු අපි මොනවහරි ටිකක් ආමාශගත කරගන්න පංතියට ආවා. ඒ වෙද්දි අපේ
කට්ටිය අළුත් නැවේ දිග පළල හොයාගෙන ඉවරයි.
වෙනකල්ම චාටර් කාපු අපි මොනවහරි ටිකක් ආමාශගත කරගන්න පංතියට ආවා. ඒ වෙද්දි අපේ
කට්ටිය අළුත් නැවේ දිග පළල හොයාගෙන ඉවරයි.
"මචං
ලස්සනම කෙල්ලො ටික ආර්ට් එකේ බං.."
ලස්සනම කෙල්ලො ටික ආර්ට් එකේ බං.."
නිරෝධගෙ
ශෝක ජනක කටහඩ මුලින්ම ඇහුනා.
ශෝක ජනක කටහඩ මුලින්ම ඇහුනා.
"ඒත්
බං රාණි නං අපේ සෙක්ෂන් එකේ.."
බං රාණි නං අපේ සෙක්ෂන් එකේ.."
ෂෝටා
පැනලා දුන්නා.
පැනලා දුන්නා.
"ඊයා
බං මහ ගොඩේ නමක්නේ.. ෂුවර් එකටම ඒකි අනුරාධපුර, පොළොන්නරු පැත්තෙ ඩයල් එකක් වෙන්නැති."
බං මහ ගොඩේ නමක්නේ.. ෂුවර් එකටම ඒකි අනුරාධපුර, පොළොන්නරු පැත්තෙ ඩයල් එකක් වෙන්නැති."
අඩේ.!
මූ හිතං ඉන්නෙ රාණි කියන්නෙ ඒකිගෙ ඇත්ත නම කියලා. ෂෝටා දෙකට නැමිලා හිනා උනා.
මූ හිතං ඉන්නෙ රාණි කියන්නෙ ඒකිගෙ ඇත්ත නම කියලා. ෂෝටා දෙකට නැමිලා හිනා උනා.
"ඒයි
නිරෝධයෝ, රාණි කිව්වේ ඒකිගෙ නම නෙමෙයි බොල. රාණි
කිව්වෙ රාණි මුකර්ජී කියන එක. ඒකි සිරාවටම ලස්සනයි."
නිරෝධයෝ, රාණි කිව්වේ ඒකිගෙ නම නෙමෙයි බොල. රාණි
කිව්වෙ රාණි මුකර්ජී කියන එක. ඒකි සිරාවටම ලස්සනයි."
"මචං
අපේ සෙක්ෂන් එකටත් ඇවිල්ලා ඉන්නවා නිකං කාජල් වගේ දැක්කම ඇගපත මෙව්වා වෙලා යන
කෙල්ලෙක්."
අපේ සෙක්ෂන් එකටත් ඇවිල්ලා ඉන්නවා නිකං කාජල් වගේ දැක්කම ඇගපත මෙව්වා වෙලා යන
කෙල්ලෙක්."
ඒක
කිව්වෙ ආර්ට් එකේ ඉදං ආපු සාරංගයා. මෙහෙම යද්දි තව එකෙක් කියයිද දන්නෑ ප්‍රියංකා
චොප්රත් ඇවිත් හිටිය කියලා. බලං යද්දි නිලියො සේරම ටික සෙන්ට්‍රල් එකේ. පිස්සු
පීකුදු වෙනවා. අදනං කට්ටියට බඩගිනි නැති පාටයි.
කිව්වෙ ආර්ට් එකේ ඉදං ආපු සාරංගයා. මෙහෙම යද්දි තව එකෙක් කියයිද දන්නෑ ප්‍රියංකා
චොප්රත් ඇවිත් හිටිය කියලා. බලං යද්දි නිලියො සේරම ටික සෙන්ට්‍රල් එකේ. පිස්සු
පීකුදු වෙනවා. අදනං කට්ටියට බඩගිනි නැති පාටයි.
ඊයෙ
වගේම අපි සෙට් එක උදේම ඉස්කෝලෙට ආවෙ අද ඒ ලෙවල් මීටින් එක ලෑස්ති කරන එකටත් වඩා
ඊයෙ ආපු කැකුලියො ටික උදේම බලාගන්න.
වගේම අපි සෙට් එක උදේම ඉස්කෝලෙට ආවෙ අද ඒ ලෙවල් මීටින් එක ලෑස්ති කරන එකටත් වඩා
ඊයෙ ආපු කැකුලියො ටික උදේම බලාගන්න.
"රන්දු
මට අර කෙල්ල ගැන දුකයි බං. පව් ඒකි උඹට හිතෙන් බැන බැන කොමර්ස් ක්ලාස් එකේ
ඇති.."
මට අර කෙල්ල ගැන දුකයි බං. පව් ඒකි උඹට හිතෙන් බැන බැන කොමර්ස් ක්ලාස් එකේ
ඇති.."
ෂෝටා
උදේම ඒ මතක් කලේ අපේ රාණි හෙවත් සුදු නංගිව. එතකොටයි මට මතක් උනේ අද මැයි 21 කියලා.
උදේම ඒ මතක් කලේ අපේ රාණි හෙවත් සුදු නංගිව. එතකොටයි මට මතක් උනේ අද මැයි 21 කියලා.
"මචං
අද එයාගෙ උපන්දිනේ. දෙමුද පොඩි ගේමක්..?"
අද එයාගෙ උපන්දිනේ. දෙමුද පොඩි ගේමක්..?"
අපිත්
ඉතිං ඔඔය වගේ පොඩි පොඩි චාන්ස් මිස් කරගන්නෙ නෑනේ.
ඉතිං ඔඔය වගේ පොඩි පොඩි චාන්ස් මිස් කරගන්නෙ නෑනේ.
"උඹ
කොහොම ඒක දන්නේ..?"
කොහොම ඒක දන්නේ..?"
"ඇයි
බං ඒක ඇප්ලිකේෂන් එකේ තිබුණනේ.."
බං ඒක ඇප්ලිකේෂන් එකේ තිබුණනේ.."
"හරි
හරි, උඹ තත්පරෙන් ෆෝල්ඩර් එකම කොපි පේස්ට් කරගත්තා
වගේ. යමං යමං අපි උන්ගෙ පංති පැත්තෙන්ම මේන් හෝල් එකට යමු."
හරි, උඹ තත්පරෙන් ෆෝල්ඩර් එකම කොපි පේස්ට් කරගත්තා
වගේ. යමං යමං අපි උන්ගෙ පංති පැත්තෙන්ම මේන් හෝල් එකට යමු."
අපි
දොළහ වසරෙ කොමර්ස් ක්ලාස් තුනම බලාගෙන ගියාට ඒ එකකවත් එයා හිටියෙ නෑ. ඇවිත් හිටපු
ළමයිත් අවතාර දැකලා වගේ පුටුවල ඇලිලා බලාගෙන ඉන්නවා. අපිව දැක්ක සමහර අය ගුඩ්
මෝනිං අයියෙ කියලා පටුවෙන් නැගිටලම කිව්වෙ ඊයෙ දැකලා පුරුදු නිසා වෙන්න ඇති. අනික
ඉතිං ෂෝටයි මමයි හතරරියන් සහ දෙරියන් වගේ නිසා කොහොමත් මතක හිටිනවනේ.

"කෝ
බං නෑනේ.."
බං නෑනේ.."
ෂෝටා
හතර වටේම කරකව කරකව හිටපු ඇස් දෙක මගේ දිහාට හරවලා කිව්වා.
හතර වටේම කරකව කරකව හිටපු ඇස් දෙක මගේ දිහාට හරවලා කිව්වා.
"තව
වෙලා තියෙනවනේ. ඒකි එයි බං.. යමු.. මෙලහකටත් අරුන් ටික මේන් හෝල් එකේ ඇති.."
වෙලා තියෙනවනේ. ඒකි එයි බං.. යමු.. මෙලහකටත් අරුන් ටික මේන් හෝල් එකේ ඇති.."
අපි
යද්දි කට්ටිය හයහත් දෙනෙක්ම ඇවිත් වැඩ. විහගයා නිරෝධ එක්ක පේළියට පුටු හදනවා.
මහේෂයි ජනාලියි දෙන්න අතුගානවා. අපිත් ගිහින් මයික් සෙට් කරලා ස්ටේජ් එක ලෑස්ති
කරන්න ගත්තා. පොඩි වෙනසකටත් එක්ක බැලුම්බෝල ටිකක් එහෙම පුම්බලා ක්‍රේප් පටි දාලා එල්ලලා
තිබ්බෙ පොඩි ළමයි පිළිගන්න ඊට වඩා හොද විදියක් නැති නිසා. ඒ අතරෙ සාරංගයා දුවගෙන
ඇවිත් නිරෝධට ඇහැක් ගැහුවා. මූත් එක පාරටම අතේ තිබුණ වයර් ටික බිම අතෑරලා දිව්වෙ
අපි මූණට මූණ බලාගෙන ඉද්දි. මුන් දෙන්නගෙ මොකක් හරි සතරකන් මන්ත්‍රණයක් තියෙනවා
කියලා තේරුන මං විහග එක්ක හෙමීට පස්සෙන් යන්න ගත්තා. මුන් කොහෙද අපේ කනෙන් රිංගන්න
කියලා හිතලා දොර ළගට යන්න උනේ නෑ ප්‍රින්ස් ඇතුලට එනවා.

"ෂා
නියමයි. කට්ටිය උදේම ඇවිත් වැඩේ ලස්සනට කරලා. එහෙනම් මේ මල් ටිකත් ඔයාලම ඇරෙන්ජ්
කරන්නකෝ."
නියමයි. කට්ටිය උදේම ඇවිත් වැඩේ ලස්සනට කරලා. එහෙනම් මේ මල් ටිකත් ඔයාලම ඇරෙන්ජ්
කරන්නකෝ."
ප්‍රින්සිපල්
පොඩි පංති වල නංගිලා දෙන්නෙක් ගෙනාපු මල් බෑග් ටිකක් අපිට දීලා මාරු උනා.
පොඩි පංති වල නංගිලා දෙන්නෙක් ගෙනාපු මල් බෑග් ටිකක් අපිට දීලා මාරු උනා.
"බලපං
ඉතිං.! අපි මේ ෂර්ලොක් හෝම්ස් වගේ පොඩි ගේමකට සෙට් වෙන්න හදද්දිම පරාල ඇනයක් සෙට්
උනානේ.
ඉතිං.! අපි මේ ෂර්ලොක් හෝම්ස් වගේ පොඩි ගේමකට සෙට් වෙන්න හදද්දිම පරාල ඇනයක් සෙට්
උනානේ.
විහගට
තද වෙලා.
තද වෙලා.
අන්තිමට
ඉතිං සාරංගලා පස්සෙන් යන එක පැත්තකින් තියලා අපි ෆාම්ස් අතුයි ඇන්තූරියම් මල්
ටිකයි ඇරේන්ජ් කරන වැඩේ බාර ගත්තා. බෙල් කරන්න විනාඩි පහක් තියෙද්දි අපේ වැඩ
ඉවරයි. හෝල් එක ඇත්තටම ලස්සනයි කියලා හිතුනෙ දොර ළගට ඇවිත් බලද්දියි. වැඩේ ඉවර
වෙද්දිම සාරංගයි නිරෝධයි කුටු කුටු ගගා එනවා දැක්කා. ඒත් එක්කම අපේ මිස්ලා අළුත්
ළමයි කට්ටිය පේළියට එක්කගෙන ඇවිත් හෝල් එකේ ඉන්දෙව්වා. අපේ දහතුන වසරෙ කට්ටිය
ඉදගත්තෙ පිටිපස්සෙන්. ඒ ලෙවල් ගුරුවරුත් ආවට පස්සෙ අපි රැස්වීම පටන් ගත්තා. ප්‍රින්සිපල්
සර්ගෙ කතාව යන අතරෙ මම හෙව්වෙ බර්ත්ඩේ ගර්ල්ව. එයා හරි තැන්පත් විදියට සර්ගෙ කතාව
අහගෙන ඉන්නවා. විශේෂාංග වටයෙදි හැමදාම පුරුදු විදියට මයික්‍රෆෝනය ආවෙ මගේ
අතට."

"ඉතිං
ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන
පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම
නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන්
කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා සහෝදරත්වයේ දෑත දිගුකර මං
ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මියුරු ගීයකින් අප පිනවන ලෙස මං ආරාධනා කරනවා අද උපන්
දිනය සමරන නවක සිසුවියක් වන දුෂානි සංජුලා නංගිට."

අපේ
කට්ටිය කෑ ගහලා විසිල් පාරවල් දෙකතුනකුත් ගහලා සපෝට් එක දුන්නා. ප්‍රින්සිපල්
සර්රුත් හිනාවෙවී බලන් ඉන්නවා.
කට්ටිය කෑ ගහලා විසිල් පාරවල් දෙකතුනකුත් ගහලා සපෝට් එක දුන්නා. ප්‍රින්සිපල්
සර්රුත් හිනාවෙවී බලන් ඉන්නවා.
හැබැයි
සිංදුව කියන්න නැගිටලා ස්ටේජ් එකට ආවෙ අර සුදු නංගි නෙමෙයි. එයා ළග ඉදගෙන හිටපු
මහත කෙල්ල. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ෂෝටා දිහා බැලුවා. ඌත් හරියට
හොල්මනකට බයවෙලා වගේ. එතකොට ඇත්ත දුෂානි සංජුලා මෙයාද..? අර නංගි මගේ අතට දුන්නෙ එයාගෙ ඇප්ලිකේෂන් එක නෙමෙයිද..? මං එයා කියලා හිතල කොමර්ස් ක්ලාස් එකට දාගත්තෙ
මෙයාවද..? මගේ ප්‍රශ්න තොගයක් මගේ ඔළුවෙ කැරකෙන්න
ගත්තා. ෂෝටත් හරියට බහුවර්ණ ප්‍රශ්න පත්තරේ වගේ ප්‍රශ්න හතලියක් විතර මූණෙ තියන්
අර මහත කෙල්ල දිහා බලන් ඉන්නවා. ස්ටේජ් එකට ඇවිත් මගේ අතින් මයික් එක ගත්තු එයාගෙ
අත වෙව්ලනවා කියලා මට දැනුනා.

"නංගි
ඔයාද සංජුලා..?"
ඔයාද සංජුලා..?"
මං
සැකය නැති කරගන්න ඇහුවා. "ඔව්" කියලා හෙමීට කොදුරලා එයා සිංදුව කියන්න
ගත්තා.
සැකය නැති කරගන්න ඇහුවා. "ඔව්" කියලා හෙමීට කොදුරලා එයා සිංදුව කියන්න
ගත්තා.
"තරුද
නිදන මහ රෑ
නිදන මහ රෑ
නිදමි
මහද නිදි නෑ.................."
මහද නිදි නෑ.................."
සංජුලාගෙ
ගීතවත් හඩ ශාලාව පුරාම රැව්දෙද්දි හිනාඋන අපේ කොල්ලො ටික මියට පිම්බා වගේ නිශ්ශබ්ද
උනා. ඇත්තටම කෙල්ලගෙ පෙනුමට හිනාඋන එක ගැන මටම ලැජ්ජාවක් ඇතිවුනා. එයා ඒ තරමටම
දක්ෂ කෙල්ලෙක්. ඒ අතරෙ සාරංග ඇවිත් මගේ අතට කොලයක් දුන්නා.

මේ අපේ සෙක්ශන් එකේ කාජල්. ඒකිවත් ගෙන්නපං.."
මේ අපේ සෙක්ශන් එකේ කාජල්. ඒකිවත් ගෙන්නපං.."
මං
හෙමීට කොලේ ඇරලා බැලුවා. 'නෙත්මි අහිංසා ඉද්දමල්ගොඩ' මොනව උනත් සිරා නමක්. සංජුලාගෙ සිංදුව ඉවර උනාම
මං ඒ නම කතා කලා. එතකොට නැගිට්ටෙ කාජල් නෙමෙයි. අපේ රාණි මුකර්ජි. දැන්නම් මගෙයි
ෂෝටගෙයි මොලේ කොලොප්පං වෙන එක හොදටම ෂුවර්. බලාගෙන යද්දි සාරංග කියපු කාජලුයි අපේ
රාණියි දෙන්නම එක්කෙනෙක්. පත්තරේ විස්තරේ පස්සෙ දිග අරින්න හිතාගෙන අපි සිංදුව
අහන්න සෙට් උනා.

"අම්මාවරුනේ.....
අම්මාවරුනේ......
අම්මාවරුනේ......
සම්මා
සම්බුදු අම්මාවරුනේ............."
සම්බුදු අම්මාවරුනේ............."
ඒ
හඩ සංජුලාගෙ කටහඩටත් වඩා මාර ගති. එයා හරියන්නෙ කොමර්ස් වලට වඩා ආර්ට් වලට තමයි.
හඩ සංජුලාගෙ කටහඩටත් වඩා මාර ගති. එයා හරියන්නෙ කොමර්ස් වලට වඩා ආර්ට් වලට තමයි.
කොහොම
හරි රැස්වීම ඉවර කරන්න උනේ මටත් සිංදුවක් කියන්න උනාට පස්සේ. ප්‍රින්සිපල් සර් මගේ
නම කියලා කතා කලේ වෙනදටත් සමිතිවල වගේ සිංදුවක් අනිවාර්ය නිසා වෙන්න ඇති. මං
කිව්වෙ අමරදේව මහත්තයගෙ සද තරු නිහඩයි කියන සිංදුව. පිටි පස්සෙම පේළීවල හිටපු අපේ
කට්ටිය සිංදුවට තාලය සපයද්දි හැමෝම ඒකට එකතුවුණා.

උඹේ සිංදුව නම් මාර සිරා..."
උඹේ සිංදුව නම් මාර සිරා..."
Monday, December 31, 2012
♥ සමනල වසන්තය ♥ (නවකතාවකි) 1 කොටස
ලිව්වේ
Unknown
7:39 PM
නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන.
"මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.."
"මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?"
මූ පංතියට ගොඩ උනේ ප්රශ්නාර්තෙකුත් දාගෙන.
"ඇයි බං තව කවුරුහරි හිටියනං මං පෙට්‍රල් පුච්චගෙන පාර දිහා බලන් ඉදියිද.."
මමත් තදයා වගේ තවත් ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.
"හරි හරි බං, ඕකට ඉතිං වලිගෙ පාගගන්න ඕනෙ නැහැනේ. උඹගැන වෙන්න ඇති කියන්න ඇත්තේ. වරෙන් යං."
මූ මගේ අතින් ඇදගෙන ඔෆිස් රූම් එක පැත්තට යන්න හැදුවේ. මමත් අත ගසලා දාලා බඩගින්නෙ හිටපු නරියා කුකුළෙක් දිහා බලනවා වගේ විහගයා දිහා බැලුවා.
"මොකද උඹ කන්න වගේ මගේ දිහා බලන්නේ..? වරෙන් යන්න.."
බලපල්ලකො මුගේ කතාව. හරියට යන තැනක් නොකියා මේ පාන්ද මාව තාත්තා වගේ ඇදගෙන යනවා. ඒ මදිවට තව සද්දෙකුත් දාගෙන.
"උඹ සේරටම කලින් කියපං මාව කොහෙද මේ මරන්න ගෙනියන හරකා වගේ ඇදගෙන යන්නෙ කියලා.."
"මචං මං එද්දි ප්‍රින්ස් දැකලා කිව්වා යාළුවත් අඩගහගෙන එයාගෙ රූම් එකට එන්න කියලා.."
ඌ ප්‍රින්ස් කියලා හැදින්වුයෙ අපේ ප්‍රින්සිපල්ව. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාව හැදින්වුයෙ අකුරු දෙකකින්. අපි ප්‍රින්ස් කිව්වෙ කට්ටිය ගැවසෙන තැන් වලදි විතරයි. දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් උනාට විහගට හිතෙන්න ඇති මේ බුදුන් වදින උදේ පාන්දර අකුරු දෙකකින් අමතන්න හොද නෑ කියලා. නැතුව උගේ තියෙන හැදිච්ච කමට නෙමෙයි.
"අපිට එන්න කිව්වෙ උඹ පෙරලපු බාල්දියක් ගැන කතා කරන්නද, මං පෙරලපු එකක් ගැන කතා කරන්නද දන්නෙ නෑ.. අපරාදේ අද යටට ෂෝටවල් දෙකතුනක් ඇදගෙන එන්න තිබුණා.."
මං කිව්වෙ පස්ස අතගාන ගමන්.
"මට හිතෙන්නෙ එහෙම අවුලක් වෙන එකක් නෑ. අද සර්ගෙ මූඩ් එක හොදයි වගේ.."
මට එහෙම කිව්වට මොකද දැනටමත් මුගේ මූණත් තහඩුව ටිකක් ඇදවෙලා.
"මචං උඹ ඉස්සර වෙලා පලයං.."
මූ දොර ළගදි මාව ඉස්සරහට දාන ගමන් කිව්වා. ඌ තදයා වගේ මාවත් ඇදගෙන ආවට එද්දි තිබ්බ ගට දැන් බැහැලා. මං විහගගේ අතත් අල්ලගෙන ප්‍රින්සිපල්ගෙ කාමරේ දොර තල්ලු කරා.
"ගුඩ් මෝනිං සර්.."
අපිත් අර කරාටේ ක්‍රීඩකයො තරගෙ ආරම්භ කරද්දි වගේ දෙකට නැමිලා කිව්වා.
"ආ.. ගුඩ් මෝනිං, පුතාලා ඉදගන්න.."
පිස්සු පපඩම් කිව්වලු. වෙනදට සත්තු වත්තෙන් බාගෙකම නම් කියන සර් අද පුතාලා කියලා කතා කලා. විහගයා උගේ සාක්කුවෙ තිබුණ හඩු ලේන්සුවත් අරගෙන ඇස් දෙකම පිහදාලා සර් දිහා බැලුවෙ මේ එයාමද කියලා දැනගන්න. මොනව උනත් සර්ට අපෙන් කරගන්න ලොකු වැඩක් තියෙන පාටයි.
"මං ඔයාලාට එන්න කිව්වෙ වැදගක් කාරණයක් ගැන කතා කරන්න. හෙට ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි ගන්නවා. ඒකටත් ඔයාලගෙ උදව් ඕනේ. අනිත් ප්‍රධානම දේ තමයි හේෂාන්, අනිද්දා උදේම උසස් පෙළ ළමයි හැමෝටම මීටින් එකක් ලෑස්ති කරන්න ඕනෙ.."
ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. ඒක සර් මගේ මූණ දිහා බලාගෙන කිව්වෙ මං ශිෂ්‍ය සමිතියෙ සභාපති නිසා වෙන්න ඇති. එහෙනං අලුත් නැව එන්නයි හදන්නේ. මොනව උනත් ඒ නිව්ස් එක කණට මී පැණි වත්කලා වගේ. විහගත් පැණි බේරෙන හිනාවක් දාලා මගේ දිහා බැලුවෙ ගිය පාර නැවටට දීපු රැග් එක මතක් වෙලා විතරක්ම වෙන්න බෑ. මං දන්නවනේ සතා මොකාද කියලා.
"හැබැයි හේෂාන්, ඒ ළමයින්ට රැග් කරන්න දෙන්න එපා. ගිය පාරත් මට ඒ වගේ ආරංචි ආවා. මේක කැම්පස් එකක් නෙමෙයි."
පුදපු ගමන් කාපි යකා වගේ සර් ඒක මූණටම කිව්ව කැත. බබා හම්බවෙන්න කලින් නැති කරගන්නයි මෙයා හදන්නේ. අනික ඉතිං රැග් කරන්න එපා කියලා අපි කාට කියන්නද..? ඒක කරන්නෙත් ඉතිං අපිමනේ..
ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයො උන අපි මොනතරම් බාල්දි පෙරලුවත් වගකීමෙන් වැඩ කරනවා කියලා ප්‍රින්සිපල් දන්නවා. ඒ නිසා කවදාවත් අපේ බැජ් කට්ට ගැලවුනේ නෑ. ප්‍රින්සිපල්ගෙ දේශනාවට සවන් දීලා අපි එද්දි අපේ සෙට් එකේ ඉතුරු ටිකත් ඇවිත්. පංතියට ගිය ගමන් විහගයා කලේ ගුරු මේසේ උඩ තිබුණු මල් වාස් එක අනිත් පැත්ත පෙරළලා අරන් සභාව අමතපු එක.
"අසව්... අසව්... අසව්..."
මූ යටි ගිරියෙන් බෙරිහන් දුන්නට කවුරුවත් අහන පාටක් නං පෙනුනෙ නෑ.
"මෙන්න අපේ හැන්ඩි මල්ලිලාට නාග සලං නිව්ස් එකක්.."
ඒක කියද්දි නං එකා දෙන්නා විහග දිහාට හැරුණා.
"හෙට උදෑසන උසස් පෙළ අලුත් නැව සෙන්ට්‍රල් වරායෙ නැංගුරම් ලන බව නිසි බලධාරියා විසින් පවසන ලදී."
ඌට කතාවෙ ඉතුරු ටික කියා ගන්න හම්බ උනේ නෑ. අපේ ගැන්සිය කෑගහලා නටන්න පටන් ගත්තා. අපේ පරණ නංගිලාට ඉතිං සොරිම තමා.
"මචං විහගයො, උඹේ සුනඛ අසිපතට මොකද වෙන්නෙ එතකොට..?"
ෂෝටා ඒ ඇහුවෙ මහේෂා ගැන. ඒකි කට්ට කලුයි. සුදකට කියලා තියෙන්නෙ හිනාවෙද්දි පේන දත් පේළිදෙක විතරයි. ඉතිං අපේ කොල්ලො ටික දාපු නම තමයි ඒ. ඒක තුන් තේරවිල්ලක් විදිහට දාලා තියෙන්නෙ මහේෂාව එක පාරටම චාටර් කරන එක හොද නැති නිසා. මොනව උනත් සුනඛ අසිපත කියන්නෙ බලු කඩුව කියලා දන්නෝ දනිති.
කොහොම හරි එදා ඉස්කෝලෙ ඇරිලා අපි ගියේ හෙට දහසක් බලාපොරොත්තු තියාගෙන අනේ අනිච්චං කියලා මේ සෙන්ට්‍රල් භූමියට ගොඩ වදින පුංචි ඈයො ටික පිළිගන්න ලොකු බැනර් එකකුත් මේන් ගේට් එක ළග දාලා ඉවර වෙලයි. වෙනදට දාහක් ලෙඩ හැදෙන අපේ ඒ ලෙවල් තදයො ටික හෙටනං ගංවතුර ගැලුවත් ඉස්කෝලෙ එන විත්තිය මට ෂුවර්.
මමත් සුපුරුදු විදිහටම විහගයා එක්ක පාරට බැස්සෙ හෙට දවස ගැන කතා කර කර. හැමදාම උදේට බස් එකේ ඉස්කෝලෙ එන මං හවස ගෙදර ගියේ විහගගෙ බයිසිකල් කට්ටෙ. ඌ හැමදාම ඒකෙ ඇවිත් ඉස්කෝලෙ ළග තියෙන කමියුනිකේෂන් එකේ පිටිපස්සෙ ලෑලි මඩුවෙ ඒක දාලා තමයි ඉස්කෝලෙට එන්නේ. ඒක නියම බ්‍රෑන්ඩ් නිව් බඩුවක් නිසා මේ වෙනකල් කවුරුවත්ම උස්සලා නෑ.
ඔන්න ඉතිං උදේ පාන්දරම නැගිටපු මම වෙනදට වඩා හොදට ඇදුමක් මැදලා ලෑස්ති උනේ ටිකක් කලින් යන්නයි. අවුරුද්දෙ දවස් 365න් හොදම දවස අද කියලා හිතලා මම නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා එළියට බහිද්දි විහගයා දොරකඩ.
වෙනදට කෙලින්ම ඉස්කෝලෙට යන මූ අද මේ පැත්තට පා වෙලා ආවෙ ඇයි කියල අහන්න හිටියත් මට උගේ සැබෑ වෙනස දැකලා ඒ ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා. පොර ජෙල් ගාලා කොණ්ඩෙ උඩට පීරලා, ඇදුම හොදට මැදලා විතරක් නෙමේ කිරි ටොයිස් වගේ සපත්තු දෙකකුත් දාලා. මූ නං ෂුවර් එකට පෝය දවසෙ කළුතර බෝධිය පැත්තෙවත් ගිහින් තියෙන පාටයි.
"මොකෝ බං බය වෙලා වගේ..? මං හරියට රිතික් රෝෂන් වගේ නේද..?"
මූ කමීස කොලර් එකත් උස්සලා මගෙන් ඇහුවා.
"පුහ්... රිතික් දන්නවනං කිචි කවාගෙන මැරෙනවා. ඒක නෙමේ අද මොකෝ මේ පැත්තේ..?"
"නෑ බං මට හිතුනා අද උඹ බස් එකේ ගිහින් ඇදුම් තලාගෙන, දාඩියපෙරාගෙන එන එක හරි නෑ කියලා. ඉතිං මං මගේ රථයෙන් උඹව කැන්දන් යන්න ආවා."
අම්මද බොල කිව්වලු. මූත් හරියට බුදුවෙන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ගානට කතාව. ඒ තරම් සත්ව කරුණාව.
"අඩෝ මේ, බස් එකේ ගියොත් වෙන්නෙ ඇදුම් තැලෙන එකයි දාඩිය දාන එකයි විතරයි. ඒ වගේද උදේ පාන්දර මේකෙ නැගලා ගියොත් ඔය කියපු දෙකට අමතරව මජං ගාගෙන, තල්ලු කරගෙන, පිටගැස්ම හදාගනෙ....."
"ඇති ඇති මං යනවා, උඹ වරෙං බස් එකේ. හැබැයි මල්ලි හවසටත් මං නෑ හරි.."
විහගයට තද උනා වගේ පෙන්නුවට ඌට තද වෙන්නෙ නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මූ අවුරුදු ගානක්ම මගේ බඩ බැදගෙන ඉන්න අතීසාර මිත්‍රයනේ. ඉතිං මං මිනිහව තවත් බයිට් එකට ගන්නෙ නැතුව බයිසිකලේ පොල්ලෙ ඉදගත්තා.
ඉස්කෝලෙ ගාවින් බහිද්දි පශ්චාත් භාගය තිබුණෙ දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපු ගානට. කොටින්ම කියනවානං නෑ වගේ.
අද නං සෙන්ට්‍රල් එක හරියට පේරාදේණිය මල් වත්ත වගේ. අළුත් කොල්ලො කෙල්ලො විතරක් නමෛයි උන්ගෙ අම්මලා තාත්තලා පාට පාටින් දිලිසි දිලිසි තැන් තැන්වල. විහගගෙ කටත් පන්සලේ පිං කැටේ වැගේ නොන්ස් ටොප් ඇරිලා.
"මචං ඔය ලේන්සුව අරගෙන නිකට හරිය පිහිද ගනිං.."
"ඇයි රන්දු මොනවද..?"
මූ කලබල උන පාරට අත් දෙකෙන්ම කට වටේ පිහදනවා.
"නෑ මචං පැණි බේරෙනවා."
මං ඒක කිව්වෙ ටිකක් විතර ඈත් වෙලා.
"රන්දු උඹට මං......."
ඒක කියාගෙන මූ මගේ පස්සෙන් එළවගෙන ආවා.
ගුරුවරු සේරම හේෂාන් කියලා කථා කලාට යාළුවො හැමෝම මට කිව්වෙ රන්දු කියලා. ඒකට හේතුව තමයි මගේ නම හේෂාන් රන්දුල උන එක. කොහොමහරි මූ මගේ නමත් කියාගෙන පස්සෙන් එන නිසා මං ග්‍රවුන්ඩ් එක පැත්තට දුවන්න හැදුවා. හැබැයි අහල බලාගෙන ගිය මං නතර උනේ කාගෙන ඇගේ දඩාස් ගාලා හැප්පිලා. මං බයෙන් වගේ හැරිලා බැලුවෙ මාව හැප්පුනේ කලු මහත් ඇන්ටි කෙනෙක්ගෙ ඇගේද දන්නෙ නැති නිසා.
හත්වලාමයි.......... මලක් වගේ සුදු කෙල්ලෙක්. හරියට නිකං රාණි මුකර්ජී වගේ. විහගයත් ඉදලා ඉදලා කලේ කියලවත් කර ගන්න බැරි වැඩක්. ඒත් ඉතිං මමත් විහග වගේ ඇඹලය වෙලා බැහැනේ.
"අයි ඇම් වෙරි සොරි නංගි.."
මම ඩීසන්ට් පිටම කිව්වා. ඒකි මගේ මූණ දිහා බලලා මල් මල් හිනාවක් දැම්මා. වචන දාහකට වඩා ඒක වටිනවා.
මොනව උනත් විහගයගෙ මූණේ ඉරිසියාව දෝරෙ ගලනවා. මං ආයෙත් අර සුදු කෙල්ල දිහා බලලා විහගයවත් ඇදගෙන පංතියට ආවා. අද පංතියෙ කොල්ලෙ සේරම කලින් ඇවිත්. ඒ මදිවට එක එකා ළගින් එක එක සුවදවල් එනවා. අපේ කට්ටිය අද ගෙදර අක්කලා අයියලගෙ සුවද කුප්පි ටිකට ගේම දීලා තියෙන පාටයි.
අලුත් ළමයි බාරගන්න වැඩ වලට වෙන් කරලා තිබුණේ මේන් හෝල් එකේ. ඊයේ ප්‍රින්සිපල් සර් කිව්ව නිසා මමයි විහගයයි ෂෝටායි, නිරෝධයයි කට්ටියම ඒ පැත්තට ගියා. ළමයි සීයට අනූවක් විතර බයෙන් වගේ හිටියත් ටික දෙනෙක් හිටියෙ තදයො වගේ. බලමුකො මල්ලිලා පස්සෙ හැප්පෙමු කියලා හිතලා අපි ඇතුළටම ගියා. ඒ වෙද්දිත් ප්‍රින්සිපල් සර් ඇවිත් හිටියෙ. මෑන් මොනව උනත් වෙලාවට වැඩ. අපිත් ඒ හරියට ගිහින් වැඩ වලට හොට දැම්මා. නන්දනී මිස් දිග මේසෙක වාඩිවෙලා පොතක ලිය ලිය අප්ලිකේෂන් භාර ගන්නවා. විහගත් එතනම ඉදගෙන වැඩ පටං ගත්තා.
මමයි ෂෝටයි සෙට් උනේ ඒ ඇප්ලිකේෂන් ටික සෙක්ෂන් වලට බෙදන්න. අපි ඒවා සෙක්ෂන් වලට වෙන් කරපු ෆයිල් ඇතුලෙන් දාද්දි සමහර ළමයි ඇවිත් එබිලා බැලුවෙ තමන්ගෙ නම හරි සෙක්ෂන් එකට යනවද කියලා දැනගන්න.
මං එක ඇප්ලිකේෂන් එකක් අරන් බලද්දි ඒකෙ තෝරාගන්නා අංශය කියන තැන හිස්තැනක් තිබුණා. මේක පුරවපු එකාට මෙලෝ සිහියක් නෑ කියලා මං නම කියලා කෑ ගහන්න හදද්දිම කවුද කතා කලා.
"අයියෙ මේක කලා අංශයට දාන්න.."
මයිගෝඩ්.! ඒ අර සුදු නංගි.
ඉතිරිය ලබන සතියෙ...............
Saturday, December 29, 2012
තරහ වෙන්නෙපා
ලිව්වේ
Unknown
7:27 AM
යාලුවනේ , තවම මගේ බ්ලොග් එක හදාගෙන යන ගමන්..දාල තියෙන ලින්ක් වලට තවම යන්නැතුව ඇති..තරහවෙන්නේපා එකට..
Friday, December 28, 2012
ඔයාල කැමතිද??
ලිව්වේ
Unknown
10:32 PM
යාලුවනේ මට ලස්සන කතාවක් හම්බුනා, මේක හැබැයි මං ලිව්ව එකක් නෙමෙයි..web site එකක තිබුන එකක්..සමහරුනම් කියවල ඇති..කියවල නැති අයට කියවන්න මං ඒ කතාව මේ බ්ලොග් එකේ දාන්නද??...කැමතිනම් කියන්න.."සමනල වසන්තය" කියල ලස්සන කතාවක්..වැඩේ එක ලියපු සහෝදරයව හොයාගන්න නෑ..
ආරම්භය - මට හිතෙන හැටි
ලිව්වේ
Unknown
10:27 PM
රේල් පාර..ඉතින් රේල් පාරක් නොදැක්ක කව්රුත් නැතුව ඇති නේද?? බ්ලොග් එකක් ලියන්න ගත්තට ලියන්න දෙයක් හිතට එන්නෑ..
හ්ම්ම් අපි මෙහෙමවත් පටන් ගමුකො..රේල් පාර අපේ ජීවිතේ වගේ..කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද කවුරුවත් දන්නෑ ..
ඒ වගේම රේල් පීලි දෙකක් කවදාවත් එකතු වෙන්නෙත් නෑ..ඒවා සමාන්තරව ගමන් කරනව කොහෙන් හරි ඉවර වෙනකම්ම..
අපේ ජීවිතත් එහෙමයි..ඉපැදුනු දවසේ ඉදලම මේ ලෝකේ අපි බලා පොරොත්තු වෙන්නේ අපේ ගොඩ විතරක්ම වැඩි කරගන්නයි..අනිකට මොනවා උනත් අපිට වැඩක් නෑ..
හිතේ තිබුනට ලියන්න මට තේරෙන්නෑ..තේරෙන වෙලාවට ටික ටික ලියන්නම්කො..අනික මන් මේකට අලුත් නිසා බ්ලොග් කරණය ගැන වැඩි දැනුමකුත් නෑ..
මුලින්ම හැමෝම එහෙමයි නේ නේද..ම්ම් ඉතින් මන් එහෙනම් නවතින්නම් දැනට..පුළුවන් වෙලාවට ටික ටික ලියන්නම්කො..
එහෙනම් හැමෝටම ජය..
Subscribe to:
Posts (Atom)