News
Sunday, June 16, 2013
ජීවිතේ....
ලිව්වේ
Unknown
8:31 AM
ජීවිතේ..... සමහරු කියනවා ගලාගෙන යන ගඟක් වගේලු,. ගල් බොරළු වංගු නිසාලු ඒ ගඟේ ලස්සන වැඩි වෙලා පේන්නේ,. ඇත්තටම ඒක එහෙමද? පිටින් බලන කෙනෙකුට ගඟේ භයානක බව, ගැඹුර ගැන වැටහීමක් ගන්න බෑ,. ඒ වගේම තමයි කෙනෙක්ගේ ජීවිතේ,. පිට ඉන්න අය මොන විදියට මොන කන්නාඩි දාගෙන බැළුවත් ඒ කෙනා විතරයි හරියටම තමන්ගේ ජීවිතේ ගැන, තමන්ට විඳින්න වෙන හැලහැප්පීම් ගැන දන්නේ,.
ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් කියලා හිතෙන්නේ අන්ත අසරණ වුන වෙලාවකට,. හැමදේම වැරදුන කෙනෙක් ජීවිතේ ආයෙමත් පටන් ගන්න හදන වෙලාවකම ආයෙමත් එයා ඉස්සරහින් තියෙන පාර ඇස් වලින් ගලන කඳුළු වලින් බොඳ වෙලා යන වෙලාවල් ඕනේ තරම්,. ජීවිතේ තවදුරටත් විඳින්න දෙයක් ඉතිරි වෙලා නෑ කියලා හිතෙන වෙලාවල් ඕනේ තරම්. තමන්ගේ හිත කඩාගෙන වැටෙද්දි, වත්තම් වෙන්න වාරු දෙන්න කවුරුවත්ම නැති වෙද්දි, හැම රෑකම ඇස් වලින් කාටත් හොරා කඳුළු ගලාගෙන යද්දි , දුක කියාගන්න ප්රශ්න වලට අවවාද දෙන්න කවුරුත්ම නැති වෙද්දි, වරදිනකන් බලන් ඉඳලා හිනාවෙන මිනිස්සු වැඩි වෙද්දි, පුංචි කාලේ මවපු හීන ලෝකේ යතාර්ථයක් නෙවෙයි කියලා තේරුම් යද්දි ආපහු හැරෙන්න තරමට අපි පරක්කු වැඩියි,. ඉක්මණට ලොකු වෙලා වගකීම් ගන්න ආසාවෙන් හිටපු ඒ පුංචි එකාම උහුලගන්න බැරි තරම් වගකීම් ගොඩක් අස්සේ හිර වෙද්දි ආයෙමත් ළමයෙක් වෙන්න ඇත්නම් කියලා හිතුන වාරත් නැතුවමත් නෙවෙයි නේද?.
ඒත් ... අපිට ආයෙමත් හැරෙන්න බෑ. මේ ජීවිතේ ගඟක් වගේ කියන කථාව එක අතකින් ඇත්ත වෙන්නේ ඒ නිසා,. ගඟක් උල්පතකින් පටන් අරගෙන මුහුද වෙනකන් යද්දි කොච්චර බාධක ආවත්, කොයි තරම් වේදනා දෙන ගල් පර වල හැපෙන්න වුනත් ඒ ගඟට ආයෙමත් හැරෙන්න බෑ,. ගඟේ ගමනාන්තය විය යුත්තෙ මහ මුහුද,.ඒ වගේම තමයි අපේ ජීවිතෙත්, කොච්චර බාධා ආවත් අපි යායුතු ගමන අපි යායුතුමයි,. හති වැටේවි, ඉස්සරහට යාගන්න බැරුව දඟලන අය කකුලෙන් අදීවි, සමහරවිට ආදරෙන් ඔළුව අතගාලා ටොකු අනින සමහරුත් ඉඳීවි, හිත් රිදවීම් ඕනෑ තරම් ඇති වේවි,. කඳුළු ගලාවි,. ඒත් ඒ කඳුළු පිහදාලා බලන දවසක ඔබ නුදුටුව අළුත්ම මාර්ගයක් දකීවි,.ජීවිතේ වැරදුනා කියලා හිතුනත් ඒ වැරදීම නිසාම ලොකු ජයග්රහණයක් ලබාගන්න ඔබට පුළුවන් වේවි,. කටකතා, මඩ ගැහීම් කොච්චර ආවත් නොසැලී ඉන්න පුළුවනි නම්,.ඔබේ ඉදිරිය පැහැදිළි එකක් වෙනවා නොඅනුමානයි...
ජීවිතේ හැම තත්පරයක්ම විඳින්න පුළුවනි නම්, ඇති වෙන හැම ගැටළුවක්ම ජීවිතයට පාඩමක් විදියට ගන්න පුළුවනි නම්, ඒ හැම දේකටම අමාරුවෙන් වුනත් හිනා වෙලා මූණ දෙන්න පුළුවන් නම්,. ලස්සනට පිවිතුරුව ගලාගෙන යන ගඟක් වගේ ගලාගෙන ගිහින් කවදාම හරි ගඟට උරුම තැන වුන මහ මුහුදට, එහෙමත් නැත්නම් අපේ ඉලක්කයට යන එක නවත්වන්න කාටවත්ම පුළුවන් කමක් නෑ,.
ඉතින් ජීවිතේ විඳින්න,. හැම තත්පරේකම සතුටින් ඉන්න, අනුන්ට උදවු කරන්න, කෙටියෙන්ම කිව්වොත් ජීවිතේ විඳින්න, එතකොට දුකයි කියලා හිතන මේ ජීවිතේ කොච්චර සුන්දරද කියලා ඔයාලාටත් තේරේවි,.
ජය හෝ...... !
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment